ආචාර්ය චරිත් වෑගොඩපොල ගිරාගම

උගත් බව බුද්ධිමත් බව යන සාධක දෙකේ සහසම්බන්ධතාවය පවතින්නේ නිහතමානිකම යන සාධකය මතය. කන්ද උඩරට ප්‍රභූ පරපුරකට උරුමකම් කියන ආචාර්ය චරිත් වෑගොඩපොල ගිරාගම යනු එබඳු වු චරිතයකි.

මහනුවර නගරයේ, යටිනුවර වීදිය හා කොළඹ වීදිය යන වීදි වලට සම්බන්ධකර ඉදිකොට ඇති ගිරාගම වලව්ව.

මාතලේ උකුවෙල, රත්වත්තේ වලව්වේ උපන් චරිත් වෑගොඩපොල ගිරාගම ගේ පියාණන් වන්නේ රජයේ හා බලයලත් මිනින්දෝරුවෙක් ලෙස ද මාතලේ ප්‍රදේශයට විශාල සේවයක් කළ, ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා ගේ සමකාලීනයකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියෙකු ලෙස ද සේවය කළ මාතලේ පලාපත්වෙල උඩුගම, ගිරාගම වලව්වේ, රාජකාරුණා නවරත්න සෙනවිරත්න හේරත් මුදියන්සේ රාළහාමිල්ලාගේ අලුත් වලව්වේ ජෝර්ජ් වේරගම ගිරාගම මහතාය. පියා ගේ පාර්ශවය, මහනුවර නගරයේ යටිනුවර වීදීයේ පිහිටි ගිරාගම වලව්වේ විසු, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සුවිශේෂී සහ කීර්තිමත් දියවඩන නිලමේ වරයෙකු වූ කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාගේ පරපුරෙන් ඉඳුරාම පැවත එන්නන්ය. මෙතුමා චරිත් වෑගොඩපොල ගිරාගම ගේ පරම්පරාවේ වැදගත් පුරුකකි. එනම් චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මුත්තාගේ (ගිරාගම රටේ මහත්මයා) සහෝදරයෙකි. ගිරාගම දියවඩන නිලමේතුමා යටිනුවර වීදීයේ පිහිටි ගිරාගම වලව්වේ හා පිළිමතලාව ගිරාගම පිහිටි ගුරු පුහුණු විද්‍යාලය අයත් පැරණි වලව්වේ ජීවත් වූ අතර එතුමා ගේ ඇවෑමෙන් එය රජයට අයත් වී පසු ව ගුරු පුහුණු විද්‍යාලයට පවරා දී ඇත.

චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මව වන්නේ සෙනවිරත්න පණ්ඩිත අබේකෝන් බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිල්ලාගේ චිත්‍රාංගලී නිරංජලි වෑගොඩපොල මහත්මියයි. ඇය ගේ පරම්පරාව පැවතෙනුයේ මාතලේ රත්වත්තේ පිහිටි රත්වත්තේ වලව්වේ සහ වෑගොඩපොල වලව්වේ පරපුර හා බදුල්ලේ මිරහාවත්ත ප්‍රදේශයේ සමරකෝන් පරපුර හා බද්ධ වීමෙනි. චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මව ගේ පියා වන ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ස්ටැන්ලි ලේනාඩ් වෑගොඩපොල මහතා කුරුණෑගල ගැට්ටුවාන පිහිටි පලිපාන වලව්වේ පරපුරේ හා මාතලේ රත්වත්තේ වලව්වේ සහ වෑගොඩපොල වලව්වේ පරපුරේ සංකලනයකි. එතුමා අවුරුදු තිස් හතරකට අධික කාලයක් යුද හමුදාවේ සේවය කර ඇති අතර දෙවන ලෝක යුද්ධයට ද එක්සත් රාජධානිය සමග බුරුමයේ දී සහභාගී වූවෙකි. කර්නල් (විශ්‍රාමික) ස්ටැන්ලි ලේනාඩ් වෑගොඩපොල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම විධායක නොවන ජනාධිපති වූ විලියම් ගොපල්ලව ආණ්ඩුකාරතුමා ගේ අධි සහයක ලෙස ද රාජකාරි කළ අතර එතුමා ගේ සමීප ඥාතියෙකි.

දකුණු කෙලවර සිට, කර්නල් ස්ටැන්ලි ලෙනාඩ් වැගොඩපොල මැතිතුමන්, ශ්‍රිමත් විලියම් ගොපල්ලව මැතිතුමන්, එම මැතිනිය, වම් කෙලවරේ ප්‍රේමා මිරහාවත්ත වෑගොඩපොල මැතිනිය.
වම් කෙලවරේ සිට, ඉන්දික ඉෂාන් ගිරාගම, අර්ජුන ගිහාන් වැගොඩපොල ගිරාගම, ජෝර්ජ් වේරගම ගිරාගම, චිත්‍රාංගනී නිරංජලී වැගොඩපොල, චුලාංගනී නෙලූෂියා ගිරාගම බස්නායක සහ චරිත් වැගොඩපොල ගිරාගම

චරිත් වෑගොඩපොල ගිරාගම ට සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියක් සිටින අතර එයින් වැඩිමහල් සහෝදරයා මේජර් (විශ්‍රාමික) අර්ජුන ගිහාන් වෑගොඩපොල ගිරාගම, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ශිල්ප හදාරා එහි ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස ද කටයුතු කොට ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ අවුරුදු 20 ක් නිලධාරියෙකු ලෙස සේවය කොට දැනට විශ්‍රාමිකව ඔවුන්ගේ මුල් නිවසේ පදිංචිව සිටී. ඔහු හමුදා උපහාර ලෙස ලබා දෙන පදක්කම් 14 කට පමණ හිමිකරුවෙකු වන අතර රණශූර පදක්කම් 3 ක්ද ඒ අතර වේ.

චරිත් වෑගොඩපොල ගිරාගම ගේ එකම සහෝදරිය, චූලාංගනී නෙලූෂියා ගිරාගම බස්නායක දැනට අවුරුදු 20 ක් පමන එංගලන්තයේ පදිංචිව සිටි.

චරිත් වෑගොඩපොල ගිරාගම ගේ බාල සොහොයුරා, නීතිඥ ඉන්දික ඉෂාන් ගිරාගම මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේන් සිප් සතර හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ අංශයෙන් පළමු උපාධියද, නීති විද්‍යාලයේන් නීති උපාධිය ලබා නීතිඥයෙකු ලෙස සේවය කරමින් මාතලේ රත්වත්තේ පිහිටි රත්වත්තේ වලව්වේ පදිංචිව සිටී. නීතිඥ ඉන්දික ඉෂාන් ගිරාගම, නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සංගමයේ උප සභාපති ලෙසද, ශ්‍රී ලංකා නිදහස් නීති ශිෂ්‍ය සංගමයේ  සභාපති ලෙසද, මාගම්පුර වරාය කළමනාකරණ (පුද්ගලික) සමාගමේ සභාපති ලෙසද ඔහු තම සේවය සපයා ඇති අතර, මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජියෙකි. නීතිඥ ඉන්දික ඉෂාන් ගිරාගම මග නැගුම මාර්ග ඉදිකිරීම්  සමාගමේ නීති කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.

චරිත් වෑගොඩපොල ගිරාගම විවාහ වී සිටින්නේ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ වනසිංහ පරපුරේ වනසිංහ මුදියන්සේලාගේ දිෂ්නා වනසිංහ සමග වන අතර ඇය කොළඹ අනුලා විද්‍යාලයෙන් සිප් සතර හදාරා පසු ව කොළඹ විශ්ව විද්‍යාලයේ (University of Colombo) ගණිත අංශයෙන් ප්‍රථම උපාධිය (Bachelor of Science with a focus on Mathematics) සමත්ව ජපානයේ අයිසු විශ්ව විද්‍යාලයෙන් (The University of Aizu) පශ්චාත් උපාධිය (MSc in Computer Science and Engineering) සමත්ව පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක් කරයි. චරිත් වෑගොඩපොල ගිරාගම පාසල් වයසේ පසු වන පිරිමි දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

ආචාර්ය චරිත් වැගොඩපොල ගිරාගම හා ඔහුගේ පවුලේ සාමාජිකයින්.

දේශපාලන භූමිකා තුළ ද, ඉතිහාසය තුළ ද, චරිත් වෑගොඩපොල ගිරාගම ගේ සම්බන්ධතාවයන් දැකිය හැකි ය. ඒවාට උදාහරණ කිහිපයක් වන්නේ:

ලංකීය සෙනෙට් සභිකයෙකු වූ රත්වත්තේ අදිකාරම් තුමාගේ පුතුනුවන් වූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ලෙස කටයුතු කළ වකවානුවේ එතුමාගේ ජේෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද සේවය කළ එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයෙක් වූ හා භාණ්ඩාගාර ලේකම් පදවිය ඉසිලූ චරිත රත්වත්තේ මහතා විවාහ වී සිටින්නේ චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මවගේ මව ගේ (අත්තම්මා / ප්‍රේමා මිරහාවත්ත වෑගොඩපොල) සහෝදරියක වන (හේමා මිරහාවත්ත රත්වත්තේ) ගේ දියණිය (චූලනී නෙලුන්කාන්ති රත්වත්තේ) සමගය.

බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශය වල වෙසෙන රත්වත්තේ පවුල් වලට ද ලඟින් නැදැකම් කියන චරිත් වෑගොඩපොල ගිරාගම, කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තුමා ලෙස රාජකාරි කළ හා එක්සත් ජාතික පක්ෂයේ බදුල්ලේ, හපුතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළ ඩබ්ලිව්. ඒ. රත්වත්තේ මහතා ගේ ද ඥාතියෙක් වේ. එතුමා විවාහ වී සිටියේ චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මවගේ මව ගේ (අත්තම්මා / ප්‍රේමා මිරහාවත්ත වෑගොඩපොල) සහෝදරියක් (හේමා මිරහාවත්ත රත්වත්තේ) සමඟ ය. බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙසෙන නීතිඥ මොහාන් රත්වත්තේ මහතා හා බදුල්ලේ හිටපු එක්සත් ජාතික පක්ෂ නගරාධිපති මිල්රෝයි රත්වත්තේ මහතා ද චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මෙන්ම නීතිඥ චරිත රත්වත්තේ මහතා හා එම මැතිනිය ගේ ඥාතීන් වේ.

චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මවගේ එක් සහෝදරියක් (දුෂ්‍යන්ති වෑගොඩපොල) විවාහ වී සිටියේ රාජ්ය පරිපාලන නිලධාරියකුද, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුද, තානාපති නිලධාරියෙකුද, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයෙකුද වූ නිශ්ශංක විජයරත්න මහතාගේ පුතණුවන් වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමති මනෝ විජයරත්න මහතා සමඟය. මනෝ විජයරත්න මහතා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයෙකුද වූ නෙරංජන් විජයරත්න මහතාගේ සහෝදරයාය.

මධ්‍යම පළාතේ දෙවතාවක් ආණ්ඩුකාර වරයා ලෙස සහ සබරගමුව පළාතේ ආණ්ඩුකාර වරයා ලෙස කටයුතු කර ටිකිරි කොබ්බෑකඩුව මහතා චරිත් වෑගොඩපොල ගිරාගම ගේ පියාගේ වැඩිමහල් සහෝදරියකගේ (චන්ද්‍රාවතී ගිරාගම) පුත්‍රයාය. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ටිකිරි කොබ්බෑකඩුව මහතා ගේ පියා ගේ (ඈෂ්ලි කොබ්බෑකඩුව) සහෝදරයෙකි.

මාතලේ ජනාධිපති නීතිඥයකු ලෙස කටයුතු කරන මොහාන් ගිරාගම වීරකෝන් මහතා දේශපාලනයටද සම්බන්ධ අතර ඔහුද චරිත් වෑගොඩපොල ගිරාගම ගේ පියාගේ වැඩිමහල් සහෝදරියකගේ (සුධර්මා ගිරාගම) පුතණුවන් වේ. මොහාන් ගිරාගම වීරකෝන් මහතා සිවිල් සහ අපරාධ උපදේශකවරයෙකු ලෙස වසර 36 කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නීති වෘත්තිකයෙකි. ඔහු 2017 දී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත් කරන ලදී. මොහාන් ගිරාගම වීරකෝන් මහතා මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති, මන්ත්‍රී සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලෙස කටයුතු කර ඇත. මොහාන් ගිරාගම වීරකෝන් මහතා 2020 ජනවාරි 23 වන දින ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් මණ්ඩලයට පත් කරන ලදී.

මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රී වූ ද, හිටපු යුදහමුදාපති වරයෙකු වූ ද, තානාපති නිලධාරියෙකු වූ ද, රිචඩ් උඩුගම මහතා චරිත් වෑගොඩපොල ගිරාගම ගේ පියාගේ සමීප ඥාති සහෝදරයෙකි. එසේ ම දක්ෂ යුද හමුදා නිලධාරියෙකු වූ, විලියම් ගොපල්ලව ආණ්ඩුකාරතුමා ගේ අධි සහයක ලෙස කටයුතු කර, කර්නල් (විශ්‍රාමික) ඇලන් නුගවෙල මහතා රිචඩ් උඩුගම මහතා ගේ බිරිඳගේ (රීටා නුගවෙල කුමාරිහාමි) සහෝදරයාය.

මාතලේ කැප්පෙටිපොළ මහ වලව්වේ විසු මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ චරිතයක් වූ 1960 ගණන් වල උඩරට පෙරමුණෙන් ඡන්දය ඉල්ලූ මොනරවිල කැප්පිටිපොල වීරයා ට ඉඳුරා ම සම්බන්ධකම් දක්වන උපාලි මොනරවිල කැප්පිටිපොල මහතා ද චරිත් වෑගොඩපොල ගිරාගම ගේ ලඟම ඥාතියෙකු වන අතර ඔහුගේ එක් දියණියක් (මැණික් කුමාරි කැප්පෙටිපොළ) විවාහ වී සිටියේ චරිත් වෑගොඩපොල ගිරාගම ගේ පියාගේ සහෝදරයෙකු (සාලිය ගිරාගම) සමගය.

දර්ශනය

“සම්ප්‍රදායික දේශපාලනයකු නොවී පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව අවංකව ජනතාවට සේවය කිරිම මාගේ දර්ශනය වන අතර, මාගේ දර්ශනය තුල දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන ජනතා සිතුවිලි සම්පූර්ණයෙන්ම තුරන් වී යනු ඇතයි මම විශ්වාස කරමි”

දැක්ම

“අභිමානවත් වෘත්තිකයෙක් ලෙස ජීවිතය ජය ගැනිම සඳහා වෘත්තීය දැනුම ඇති, උතුම් ගුණධර්මවලින් සපිරි ජන හිතකාමී සමාජයක් ගොඩනැගීම”

මෙහෙවර

“නවීණ තාක්ෂණ දියුණුව සමග වේගයෙන් වෙනස්වන ලෝකයේ නව පරපුරට අවශ්‍ය නව වෘත්තීය දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ නව වෘත්තීය දැනුම ලබාදිම”

අරමුණු සාක්ෂාත් කර ගැනීම

ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සදහා නව තාක්ෂණය භාවිතා කරමින් Smart ගම්මාන (Smart Village) සංකල්පයට අනුව ග්‍රාමීය ගම්මාන සංවර්ධනය කිරීමට පියවර ගැනිම.

ග්‍රාමීය ප්‍රදේශවලට, ග්‍රාමීය පාසල්වලට නව තාක්ෂණය ගෙන ඒම සහ පවතින පහසුකම්වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට පියවර ගැනිම.

මධ්‍යම පළාතට අඩුවක් පවතින තොරතුරු තාක්ෂණය පීඨයක් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට ආසන්නව පිහිටුවීමට පියවර ගැනිම.

මහනුවර නගරය කේන්ද්‍රීය ස්ථානය ලෙස සලකමින් තොරතුරු තාක්ෂණ නගරයක් (Computer City / IT City) ස්ථාපිත කිරීමට පියවර ගැනිම.

කෘෂිකර්ම තාක්ෂණය (Agriculture Technology) මූලික කර ගත් විශ්ව විද්‍යාලයක් හෝ උසස් අධ්‍යාපන ආයතනයක් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටුවීමට පියවර ගැනිම (උදාහරණයක්: මාතලේ විශ්ව විද්‍යාලය, කෘෂිකර්ම තාක්ෂණ පීඨය – University of Matale, Faculty of Agriculture Technology).

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් හෝ ප්‍රවාහන සහන ලබා දීම සහ නව තාක්‍ෂණයන් භාවිතයෙන් ගමනාන්තයන් වෙත ඉක්මනින් සහ සුවපහසු ලෙස ළඟා වීමට විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම.

මහපොළ, ශිෂ්‍යාධාර, ඇතුළු සෑම ශිෂ්‍යාධාර ක්‍රමයක්ම විශ්ව විද්‍යාල වියදම, ජීවන වියදම මත සංශෝදනය කිරීමට පියවර ගැනිම

රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන සිසුන් සඳහා ශිෂ්‍යාධාර ක්‍රම ඇති කිරීමට පියවර ගැනිම

සියලුම විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු සිසුන් සඳහා පාඨමාලාව අවසන් වන තුරු නේවාසිකාගාර පහසුකම් ඇති කිරීමට පියවර ගැනිම

රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම, කෘෂිකර්ම තාක්ෂණයට සහ සංචාරක තාක්ෂණයට වැඩි අවධානයක් යොමු කිරීම.

ගෙවතු වගාව දිරිමත් කිරිම, වගා නොකළ ඉඩම්, කුඹුරු වගා කිරීමට උනන්දු කිරිම සහ වගා නොකළ ඉඩම්, කුඹුරු වගා කළ හැකි ජනතාව අතර බෙදා දීමට පියවර ගැනිම.

“සැමට ඉඩමක් සැමට නිවසක්” සංකල්පය අනුව ඉඩමක්, නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉඩමක් ලබාදීමට සහ නිවසක් ඉදිකර දීමට අවශ්‍ය පියවර ගැනීම.

“සැමට විශ්‍රාම වැටුපක්, රටට පවුලට බරක් නොවන විශ්‍රාමිකයෙක්” සංකල්පය අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම විශ්‍රාම වැටුප් ක්‍රමයක ලියාපදිංචි කරන ලෙස පුරවැසියන් දිරිමත් කිරීම සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක ලියාපදිංචිය සහ දායක විම අනිවාර්ය කිරීම.

ගොවී විශ්‍රාම වැටුප් ඇතුළුව සෑම විශ්‍රාම වැටුප් ක්‍රමයක්ම ජීවන වියදම මත සංශෝදනය කිරීමට පියවර ගැනිම.

“අල්ලස හා දූෂණයෙන් තොර සෞභායාගමත් ශ්‍රී ලංකාවක්” සංකල්පය අනුව, මත්ද්‍රව්‍ය විකිණීම හා ඇබ්බැහි වීම, අල්ලස හා දූෂණය, ස්ත්‍රී දූෂණ සහ ඒ ආශ්‍රිත නීති රීති පාසල් මට්ටමින් අධ්‍යාපනය ලබා දීම සහ දැනුවත් කිරීමේ සැසි සැලසුම් කිරීම.

පාසල් දරුවන්ගේ සංවර්ධනයට ස්මාර්ට්ෆෝන් භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ සැසි සැලසුම් කිරීම සහ පාසල් ළමුන් විසින් භාවිතා කරන ස්මාර්ට්ෆෝන් සඳහා නීති රීති හඳුන්වා දීම

කන්ද උඩරට අභිමානය සහ කන්ද උඩරට උරුමය සුරැකීම.

මහත්මා දේශපාලන ආදර්ශය –  අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන මතයේ සිට ක‍්‍රියා කිරීම

උතුම් ගුණධර්මවලින් සපිරි ආධ්‍යාත්මික ජන හිතකාමී සමාජයක් නිර්මාණය කිරීමට දායක විම.

ස්වේච්ඡා සේවා

hearttoheart.lk හි ආරම්භක සාමාජික

අඩු වරප්‍රසාද ලත් සහ අවශ්‍යතා ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම මෙම සේවාවේ අරමුණයි.

"ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි"
- නෙල්සන් මැන්ඩෙලා

banapoth.lk හි ආරම්භක සාමාජික

අවශ්‍ය පුද්ගලයින්ට සහ බෞද්ධ උත්සව සඳහා බණ පොත් නොමිලේ බෙදා දීම මෙම සේවාවේ අරමුණයි.

''සබ්බ දානං ධම්ම දානං ජිනාති"
සියලු දානයන් අතුරෙන් ධර්ම දානය උතුම්වේ.

නායකයින්

ගරු රුවන් විජේවර්ධන

උගත්, බුද්ධිමත්, අගමැති, ජනාධිපති සමග වැඩ කිරීමේන් අත්දැකීම් ලැබූ, ජාත්‍යාන්තර පිළිගැනීම ඇති, මහත්මා ගතිගුණ ඇති, කීර්තිමත් දේශපාලන පරපුරක උපන්, ගෞරවනීය නායකයෙකි. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ හිටපු අමාත්‍යාවරයෙකි.

ගරු සාගල රත්නායක

දේශපාලන පවුලක උපත ලද ගරු සාගල රත්නායක මැතිතුමා, උගත්, බුද්ධිමත්, මහත්මා ගතිගුණ ඇති, ජනාධිපතිතුමාගේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරමින් සිටින ගෞරවනීය නායකයෙකි. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ හිටපු අමාත්‍යාවරයෙකි.

මහාචාර්ය ආශු මාරසිංහ

මහාචාර්ය ආශු මාරසිංහ ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකි. ඔහු ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

ගරු මනෝ විජයරත්න

දේශපාලන පරම්පරාවක උපත ලද මනෝ විජයරත්න, ආචාර්ය නිශ්ශංක විජයරත්න සහ නීටා දුල්ලෑවේ විජයරත්න මැතිනියගේ දෙවන පුත්‍රයා, ඔහු ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න නිලමේතුමාගේ බාල සහෝදරයාය. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකි.

ගරු මොන්ටි ගොපල්ලව

දේශපාලන පරම්පරාවක උපත ලද මොන්ටි ගොපල්ලව මැතිතුමා ලංකාවේ අවසන් ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම විධායක නොවන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව මැතිතුමාගේ පුත්‍රයාය. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකි.

ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරියගේ දියණිය, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිනිය, පියා සහ මව අගමැති පදවි දැරූ දේශපාලන පවුවලක උපන්, ජාත්‍යාන්තර පිළිගැනීම ඇති ගෞරවනීය රාජ්ය නායිකාවකි.

ගරු සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක

ජාත්‍යාන්තර පිළිගැනීම ඇති ලෝකයේ පළමු කාන්තා අගමැතිනිය.

“පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව එකතුවී රට හදමු, එකතුවී ගම හදමු, එකතුවී අනාගතය ගොඩනගමු”

© 2024, චරිත් වෑගොඩපොල ගිරාගම. සියලු හිමිකම් ඇවිරිණි.

“පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව එකතුවී රට හදමු, එකතුවී ගම හදමු, එකතුවී අනාගතය ගොඩනගමු”

මාගේ දර්ශනය

“සම්ප්‍රදායික දේශපාලනයකු නොවී පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව අවංකව ජනතාවට සේවය කිරිම මාගේ දර්ශනය වන අතර, මාගේ දර්ශනය තුල දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන ජනතා සිතුවිලි සම්පූර්ණයෙන්ම තුරන් වී යනු ඇතයි මම විශ්වාස කරමි”

සමාජ මාධ්‍ය

© 2024, චරිත් ගිරාගම. සියලු හිමිකම් ඇවිරිණි.